Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිරකරුවන් 512කට පොදු සමාව : දුමින්ද සිල්වාටත් පොදු සමාව හිමිද ????

Must read

හෙට දිනට යෙදෙන 72වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතයි.

බන්ධානාගාර දෙපාර්තමේන්තුව විසින් සිරකරුවන්ගේ නාමලේඛනය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ සිකරුවන්ගේ නාමලේඛනයට අනුමැතිය ලබාදී මෙම සිරකරුවන් හෙට දිනයේදී නිදහස ලබනු ඇත.

පසුගිය කාලය තුල යම් පුද්ගලික නාලිකාවක් විසින් කුප්‍රකට දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සදහා සිය මුදල් අප්‍රමානව වියදම් කරමින් කටයුතු කල අතර ඒ සදහා ඇතැම් භික්ෂූන් වහන්සේලා හා ජාතිවාදී කණ්ඩායම් වල නායකයින්ද සිය සහයෝගය පල කර තිබිණි. කෙසේ වෙතත් මේ වන තෙක් දුමින්ද සිල්වා නිදහස් කිරීම පිළිබදව කිසිදු තොරතුරක් වාර්ථා වී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article