Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිය ධුර කාලය පිලිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම ජනපති කල් දමයි : ජනපතිගේ මීලග සැලැස්ම කුමක්ද?

Must read

තමන්ගේ ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 වනදායින් බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ලේඛන සූදානම් කරගෙන සිටින බව lankanewsweb වෙබ් අඩවිය පසුගියදා වාර්තා කලේය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් සකස් කල ලේඛන පෙරේදා (10) දිනයේදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාරදීමට නියමිතව තිබුණ ද අවසන් මොහොතේදී එය කල් දමා ඇති බව වාර්ථා වෙයි. ධුර කාලය සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා මෙය සුදුසු අවස්ථාව නොවන බවත් ඊට සුදුසු අවස්ථාව එළඹෙන තුරු කල්බැලිය යුතු බවත් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත දැන්වීමෙන් පසු ජනාධිපතිවරයා සිය තීරණය වෙනස් කරගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට රටතුල පවතින දේශපාලන වාතාවරණයත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව විමසීම ද කල් තබමින් යම් කිසි දේශපාලන ක්‍රීඩාවකට සැරසෙමින් සිටින බවනම් පෙනෙනන්ට ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article