පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ඥාතීන් වෙනුවෙන් 4 වන වාර්ෂික ගුණානුස්මරණ උත්සවය කල්ලඩි අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී 21 වනාද සවස පැවැත්වුණා.
මඩු ප්‍රදේශයේ තරුණයින් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහිදී මඩකලපුව සියොන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 31 දෙනාගේ ඡායාරූප ඇතුළත් සමරු ඵලකයක් ප්‍රදර්ශනය කරන ලදී. ඔවුන්ගේ ආත්මයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ශාන්තිය ප්‍රාර්ථනා කරමින් විශේෂ යාඥාවන්ද පවත්වන ලදී.
ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ලෝරන්ස් ලෝගනාදන්, සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක සුගුණන් , සමාජ ක්‍රියාකාරි කේ ලවකුමාර් යන මහත්වරු සහභාගී වූහ.
කේ.රුද්‍රන්
කේ.රුද්‍රන්