සියෙරාලියෝන්හි අගනුවර වන ෆ්‍රී ටවුන් හි පසුගියදා සිදුවූ නායයාම් හා ගංවතුර සමග මේ වන විටත් 600 දෙනෙක් පිලිබදව කිසිදු තොරතුරුක් වාර්ථා වී නැති බව එරට ජනපතිගේ මාධ්‍ය ප්රකාශයකායකු බීබීසී පුවත්සෙවය වෙත සදහන් කර තිබෙනවා. මේ වන විටත් 400 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇති අතර රතුකරුස සංගමය පවසන්නේ මේ වන විට දිවිලගවාගත් පිරිස් සෙවීම කාලයත් සමග තරගයක් බවට පත්ව ඇති බවයි.
එලෙසම ගංවතුර තත්වයත් සමග ඇතිවිය හැකි කොළරාය,පාචනය හා ටයිපොයිඩ් වැනි තත්වයන්ට මුහුණ දීමටත් මේවන විට කටයුතු සූදානම් බව මෙම අපදා තත්වයට සහන සැලසීමට එහි ගොස් සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු පවසා තිබෙනවා.