Tuesday, December 24, 2024

සිමෙන්ති කර්මාන්ත ශාලාවක් නිසා කිලිනොච්චියේ ජනතාව විරෝධතාවයේ

Must read

කිලිනොච්චිය ක්‍රාංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොන්නාවේලි ග්‍රාමසේවා වසමේ කෘෂිකාර්මික ඉඩම් අල්ලාගෙන ආරම්භ කරන සිමෙන්ති කර්මාන්ත ශාලාවට එරෙහිව ප්‍රදේශයේ ජනතාව අඟහරුවාදා (12) 41 වැනි දිනටත් විරෝධතාවයක නිරත වෙති.

ප්‍රදේශයේ දැනටමත් පෞද්ගලික සමාගම් විසින් ආරම්භ කර ඇති ළිං 40කට අධික ප්‍රමාණයක් සහ පානීය ජල ව්‍යාපෘති හේතුවෙන් පානීය ජලය නොමැතිව ජනතාව පීඩාවට පත්ව සිටින බවත් මේ වන විට සිමෙන්ති කර්මාන්තය සඳහා ප්‍රදේශයේ හුණුගල් කැණීම සිදුවන බවත් ප්‍රදේශවාසීහු පවසති. එම හේතුවෙන්  මිරිදිය කිවුල් ජලය බවට පත්වී තිබේ.

ඒ සමගම ඔවුන් දින 40කට අධික කාලයක් විරෝධතාවයේ නිරතව විවිධ වගකිවයුතු රාජ්‍ය ආයතන, කිලිනොච්චි සංවර්ධන කමිටු සභාපති සහ ඇමතිඩග්ලස් දේවානන්ද ඇතුළු බොහෝ දෙනෙකුට දැනුම් දී ඇතත් කිසිදු රාජ්‍ය නිලධාරියෙක්, ඇමැතිවරයෙක්, ගමේ නිලධාරියෙක් තම ප්‍රදේශයට පැමිණ හමු වී නැති අතර කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නැතැයි විරෝධතාකරුවො පවසා සිටිති

මේ තත්ත්වය තුළ මැසිඩෝ සමාගමේ අධ්‍යක්ෂ ජැඩ්සන් බිග්‍රාඩෝ ප්‍රමුඛ කණ්ඩායම පසුගිය (12) සවස විරෝධතාවයේ නිරත ජනතාව හමුවිමට පැමිණ තිබුණි.

කෙසේ වෙතත්, තමන්ට නිසි විසඳුමක් ලැබෙන තුරු විරෝධතාවයේ නිරත වන බවයි විරෝධතාකරුවන් පවසන ලදී.

එස්.ආර්.ලැම්බර්ට්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article