Saturday, January 11, 2025

සිදුවූ විනාශයේ වගකීම කාටද?

Must read

පැය කිහිපයක් තුල බෝම්බ ප්‍රහාර 08 සිදුවීමෙන් පසු,ඒ ප්‍රහාරයන්ගෙන් මේ වන විට ජීවිත 215කට වඩා වැඩියෙන් අහිමිවීමෙන් පසුත්  සිදුවූ ප්‍රහාරයේ වගකීමේ මේ වන තෙක් කිසිදු පුද්ගලයෙකු විසින් භාරගෙන නැත.

මෙහි වැදගත්ම සිදුවීම වන්නේ මෙවැනි ප්‍රහාරයක් සම්බන්දයෙන් බුද්ධ අංශ විසින් රජය දැනුවත් කර තිබූ බවට වන ලිපියක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමයි. මේ වන විට රජයේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු ඇමති මණ්ඩලය මේ සම්බන්දයෙන් දැන සිටි බව ඔවුන්ගේ ප්‍රකාශයන්ට සවන් දෙන ඕනෑම කෙනෙකුට වැටහෙන අතර අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මේ සම්බන්දයෙන් රජයට දැනුම්දී ඇති බව දැනගන්නට ලැබී ඇති බව අසන්නට ලැබුනත් තමන් අැතුළු ඇමති මණ්ඩලය මේ සම්බන්දයෙන් නොදන්නා බවයි.

දිවයිනේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිතුමන් මේව වන විට පුද්ගලික චාරිකාවක් සදහා විදෙස් ගතව ඇති අතර බුද්ධි අංශ මගින් නිකුත් කල ලිපිය ප්‍රකාරව ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිතුමන් දැන සිටියා යුතු නොවේද? එසේනම් මේ සියළුම මරණ වලට හා විපතට පත් සියළු ජීවිත වලට වගකිව යුත්තේ කවුද?

ජනාධිපතිවරයා විසින් මේ බව දැන සිට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිය පුද්ගලික සංචාරයන්ගේ නිරත වෙමින් සිටින්නේ නම් ඔහු කමිටු පත් කිරීමෙන් වැලකී ජාතියෙන් සමාව ගත යුතු නොවේද?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article