Saturday, September 21, 2024

සිංහල බෞද්ධ මටත් මෙහෙම නම් දෙමළ මුස්ලිම් අයට කොහොමද? – සන්ධ්‍යා ජිනීවාහිදී

Must read

 
ජායාරූපය: සන්ධ්‍යා එක්නැළිගොඩ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරය අතරතුර සර්පන්ටයින් ආපන ඝාලාවෙහිදී. ©s.deshapriya.

පසුගිය 09 දා ජිනීවා මානව හිමිකම් මන්ඩලයේ පැවැති සමාන්තර රුස්වීමකදී කතා කළ සන්ධ්‍යා එක්නැළිගොඩ ප්‍රගීත් ඝාතක සැකකරුවන්ට ඇප ලබා දීමට ජනාධිපති සිරිසේන බලපෑ බවට තොරතුරු ඇති බවත් සිංහල බෞද්ධ මට යුක්තිය ඉටුවන්නේ මෙහෙම නම් දෙමළ මුස්ලිම් අයට මොන යුක්තියක්දැයි අසා සිටියා ය.

මෙම සමාන්තර රුස්වීම පවත්වන ලද්දේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්‍යාලය විසිනි. එහි තේමාව වූයේ සංක්‍රමණිය යුක්ති යාන්ත්‍රණයනහි වින්දිත සහභාගිත්වයයි. එහි ප්‍රධාන දේශණය සත්‍ය යුක්තිය හා හානිපූර්ණය ප්‍රවර්ධනය සහ පුනරුච්චචාරණය වැළැක්විමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රිෆ් විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකාවෙහි සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවීම සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් දීම පැබ්ලෝ පත් කර ඇතැයි ද කියනු ලැබේ. ඔහු මේවන විට දෙවරක් ශ්‍රී ලංකාවට දූත ගමන් හි යෙදී ඇත.

ශ්‍රී ලංකාවෙහි ප්‍රතිසංන්ධානය සඳහා වූ ප්‍රතිවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව තවමත් සිංහල හෝ දෙමළ බසින් නැති බව පෙන්වා දුන් සන්ධ්‍යා එබැවින් සිංහල කතා කරන වින්දිතයකු වන තමා එම වාර්තාව පිළිබඳව අදහස් දක්වන්නේ කෙසේ දැයි විමසා සිටියා ය.

කිසිදු යුද හමුදා සාමාජිකයකු අධිකරණය ඉදිරියට පැමිණවීමට තමා ඉඩ නොතබන බවට ජනාධිපති සිරිසේන විසින් පසුගිය 04 දා කරන ලද ප්‍රකාශය උපුටා දැක්වූ සන්ධ්‍යා කියා සිටියේ සිය සැමියා වූ ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත් අඩං ගුවට ගෙන පසුව ඇප මත නිදිහස් කරන ලද යුද හමුදා නිලධාරීන් පිළිබඳ පරීක්ෂණ පවා මෙම ප්‍රකාශය මගින් අඩපණ විය හැකි බවයි.

මෙම සමාන්තර රුස්වීම අමතා සිරියානු සිර ගෙදරක වසර පහක් ගත කළ මානව හිමිකම් ක්‍රියාධරයකු සම ළමා කාලයේ සිටම සිය ප්‍රජාවගේ අයිතින් පිලිබද අරගලයේ කොටස්කරුවකුව සිට ඇති කොලාම්බියානු මුල් පදිංචිකාර ක්‍රියාධරයකුද අදහස් දැක්වීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article