Friday, September 20, 2024

සිංගප්පූරුවේ වසරේ විදෙස් ගෘහ සේවකයාට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ ජසින්තාට

Must read

තමන් සේවය කරන පවුලට සිදුකරන ලද අසාමාන්‍ය සේවය අගයමින් සිංගප්පූරුව විසින් පිරිනමන වසරේ ගෘහ සේවකයාට හිමි සම්මානය 2020 වසරේදී හිමි කර ගැනීමට ශ්‍රී ලංකික කාන්තාවක් වන පණම්බරගේ ජසින්තා මහත්මිය සමත්වී ඇත.1990 වසරේදී සිංගප්පූරුවේ ගෘහ සේවය සදහා යන ජසින්තා මහත්මිය සිංගප්පූරුවේ Lam Yong Sang පවුලට සිය සේවය සපයන්නීය.එහිදී Lam Yong Sang මහතාගේ වයෝවෘද්ධ මව හා ඔහුගේ දරුවන් දෙදෙනා බලා ගැනීම ජසින්තා මහත්මිය පැවරෙන කාර්යය විය. නැවතත් 2007 වසරේදී ජසින්තා මහත්මිය එම පවුල සමගම එක්වන අතර එහි සේවය කරමින් සිටියදී වර්ෂ 2008දී Lam Yong Sang මහතාගේ බිරිදගේ ජීවිතය බේරා ගැනීම සදහා සිය කාලය කැප කරන්නීය.

මෙරට කුලියාපිටිය ප්‍රදේශයේ ජීවත්වන ජසින්තා මහත්මිය මේ වනවිට 58 හැවිරිදි වියේ පසු වන්නීය. සිය සේවා කාලය තුල Lam Yong Sang පවුලේ පරම්පරා 4කට ඇය සිය සේවය සපයා තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම රන්හොටි පෙග්ගිලිලාගේ පද්මසීලි මහත්මියද මෙම සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගැනීමට සමත්වී ඇත. ඇය සිය සේවය සපයන පවුලට 1990වසරේ සිට සේවය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article