Thursday, January 23, 2025

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 01වනදා සිට

Must read

2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම පරීක්ෂණ දෙසැම්බර් 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල ප්‍රමාණයක් නැවත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව සලසන ලෙසට සිදු කරන ලද ඉල්ලීම් හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ , අද (10)සිට ලබන 20 වැනිදා දක්වා ඒ සඳහා වන කාලය දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව මාර්ගගත (Online) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම වන “DoE”වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයැදුම් පත්‍ර යොමු කළ හැකියි.

එලෙස අයදුම් කිරීමේදී රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයැදුම් කළ යුතු වන අතර පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයැදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතුයි.

ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article