Friday, September 20, 2024

සහරාන්ගේ බිරිද ඇතුලු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Must read

ඡායාරූප – අදදෙර

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් එළඹෙන 04 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර ඇත. ඒ අද එම පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරීපත් කිරිමෙන් අනතුරුවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපිරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මාස 18 ක කාලයන් රඳවා තබාගැනීමෙන් අනතුරුව මෙසේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.

සහරාන් හෂිම්ගේ බිරිඳ ඊයේ (22) දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.එහිදී ඇය සාක්ෂි ලබා නොදුන් අතර, සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගැනිම සිදුකරන්නේ ද නැද්ද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී තීරණයක් ලබාදීමට නියමිතව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article