Thursday, January 23, 2025

සපුගස්කන්ද හෙට සිට වැඩ

Must read

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (16) යළි විවෘත කරන බවත් එහි මෙහෙයුම් කටයුතුහෙට සිට අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පසුගිය ඔක්තෝබර් මස 07 වනදා නිෂ්පාදන ක්‍රියාවලිය සදහා අවශ්‍ය  බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණු අතර ඒ අනුව හෙට නැවතත් තෙල් පිරිපහදුව විවෘත වන්නේ දින 70කට පසුවය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන ආකාරයට පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950 ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 1,500 ක් නිකුත් කළ හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article