Saturday, September 21, 2024

සපුගස්කන්දේ ගබඩා කර තිබූ බොරතෙල් අවසන් : දෙසැම්බර් අවසන් වන තෙක් බොරතෙල් නැව් නැහැ

Must read

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවෙහි ගබඩා කරතිබූ බොරතෙල් අවසන් වීම හේතුවෙන් අද(15) සිට සපුගස්කන්දේ පිරිපහදු ක්‍රියාවලිය නතර කිරීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූ බව අරුණ වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

බොරතෙල් ආනයනය කරන තුරු සපුගස්කන්ද පිරිපහදුවේ යන්ත්‍ර සක්‍රීය කිරීමට නොහැකිවනු ඇතැයි ද, අක්‍රීය වූ පිරිපහදුව නැවතත් සක්‍රීය කිරීම සදහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බවද පෙන්වා දෙන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අසෝක රන්වල මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ කල්තියා බොරතෙල් ඇණවුම් නොකිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වී ඇති බවත් කල් තියා බොරතෙල් ඇණවුම් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්ය.

එමෙන්ම දෙසැම්බර් අවසානය තෙක් බොරතෙල් නැවක් මෙරටට නොපැමිණෙන බව ද එතෙක් ඩීසල්, පෙට්‍රල්, ඇතුළු දැවිතෙල් සැපයීම අඩාළ වනු ඇතැයි ද ඛණිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

විෂයභාර ඇමැති උදය ගම්මන්පිල සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකළ නිසා පිරිපහදුව මෙසේ වසා දැමීමට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ ඒකාබද්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

මේ පිළිබඳ සැබෑ තත්ත්වය බලශක්ති අමාත්‍යාංශය අද (15 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article