අද (07) දින නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සිය මැතිවරණ ව්‍යාපාරය කොළඹින් ආරම්භ කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එළැඹෙන 9 දා අනුරාධපුරයේදී තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත් මින් පෙර ගෝඨාභය මහතා ඔක්තෝබර් 9 – 12 අතර කාලයේදී සිය ප්‍රතිකාර සදහා සිංගප්පූරුව බලා යාමට අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර ඒ සදහා ඔහුට අවසර හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගී වීම අනපේක්ෂිතය.