Monday, December 23, 2024

සංචාරක කර්මාන්තයත් කාබාසිනියා කරන ත්‍රිවිල් මාෆියාව …

Must read

රට පත්ව ඇති අර්බුදයෙන් රට ගොඩ ගැනිමේ ප්‍රධාන වැඩසටහනක් ලෙසින් සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වුවද එයට වින කරන දේවල් රැසක් ලංකාව තුල නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ආකාරය ඉතා පැහැදිලිය .

සංවාරකයෙකු ගුවන් යානයෙන් බැස රටට ඇතුළු වන මොහොතේ  තිරු බදු රහිත සාප්පු හරහා  යද්දි ලැබෙන අත්දැකිම් වල සිට ටැක්ෂි කවුළු වල මෙන්ම  එලියේ රැකගෙන සිටින ටැක්ෂි රියදුරන්ගේ සිට තවත්  බොහෝ දේවල් ඇතැම් විට ලංකාවට එන සංචාරකයන් තුල ඇතිකරනු ලබන්නේ එතරම් ප්‍රසන්න හැගිමක් නම් නෙමෙයි .

පහුගිය දවසක ගාල්ල ප්‍රදේශයේ උනා යැයි කියන ත්‍රි විල් මාෆියා චණ්ඩින්ගේ වැඩ එහෙ විතරක් නෙමෙයි දැන් හැමතැනම

විවිධ ඇප් මගින් සිය ගමන් වාර සලසා ගැනිමට බොහෝ රටවලදි සංචාරකයන් පුරුදු වෙලා ඉන්නවා .

ඒක තමයි එයාලගේ ක්‍රමය . ඉතින් අපේ මේ ත්‍රි විල් චණ්ඩි හැසිරෙන්නේ ඒ ත්‍රිවිල් පාක් එයාලගේ පවුලේ බුදල් විදියට හිතාගෙන .

ඇප් පාදක කුලී රථ සේවාවක නියැලුන ත්‍රිරෝද රථ රියදුරෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තියෙනාව කියල ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තියෙනවා

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වන මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් ඊයේ දිනයේ වාර්තා වූ බව සංචාරක පොලිසිය ප්‍රකාශ කළා

“කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අපට විධිමත් පොලිස් පැමිණිල්ලක් ලැබී නැතත්  විදේශිකයන් සම්බන්ධ බැවින් විමර්ශනයක් ආරම්භ කිරීමට සංචාරක පොලිසිය තීරණය කරල තිබුන බව ,” සංචාරක පොලිස් කොට්ඨාශය පවසනවා

පුද්ගලයින් තිදෙනෙකු ත්‍රිරෝද රථය නවතා තම ප්‍රදේශයෙන් සංචාරකයින් රැගෙන නොයන ලෙස කුලී රථ රියදුරුට තර්ජනය කරන අයුරු වීඩියෝවේ දැක්වෙනවා  ත්‍රිරෝද රථය තුළට එබී බැලූ පිරිමින් කුලී රථ රියැදුරාට වාචිකව බැන වදින ආකාරයත්, නැවත කිසි දිනෙක තම අසල්වැසි ප්‍රදේශවලින් කිසිවකු රැගෙන නොයන ලෙස රියදුරුට අවවාද කරන අයුරුත් එහි අන්තර්ගතයි

පසුව එම විදේශික යුවළගෙන් ඔබට අපහසුතාවයක් දැනෙන්නේ දැයි රියදුරු විමසන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. මෙම සිද්ධියෙන් විදේශිකයන් ව්‍යාකූල වූ බවක් පෙනෙන්නට තිබුණු බව ඩේලි මිරර් පුවත වැඩිදුරටත් පවසනවා

කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිහිප දෙනෙකුගේ අදහස වූයේ මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කළ යුතු බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට හිරිහැර කිරීමට ත්‍රිරෝද රථ මාෆියාවට ඉඩ නොතැබිය යුතු බවත්ය.

“සංචාරකයන්ට කුලී රථයක් වෙන්කරවා ගැනීමට නිදහස තිබිය යුතුයි. මෙය දිගටම පැවතුනහොත් සහ ඔබ කතා නොකරන්නේ නම්, ඔබට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ නොහැකි බව ඉතාමත් පැහැදිලිය.

ඉතින් මේ ගැන සංචාරක ඇමති මෙන්ම අදාල අනෙකුත් ක්ෂේත්‍රත් එකතු වෙලා ඉක්මන් පියවර ගතයුතු වෙනවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article