Friday, September 20, 2024

ශ්‍රේණි තුනක් සඳහා පාසල් කාලය සවස 3.30 වන තෙක් දීර්ඝ කෙරේ

Must read

ජුලි මස 27 වන සඳුදා දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට නියමිතය.ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 තෙක් පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කර ඇති අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුල සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට, සහකාර කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කර, මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද විදුහල්පතිවරුන් වෙත වැඩිදුරටත් දන්වා ඇත.

සෙසු ‍ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article