Monday, September 14, 2026
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි.

Must read

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන,කුමා සංගක්කාර ,රොෂාන් මහානාම,අරවින්ද ද සිල්වා ,හා මුත්තයියා මුරලිදරන් යන මහත්වරුන්ගෙන් උපදේශකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්වන ලෙස ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කල ඉල්ලීම මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු මෙම ඉල්ලීම  ප්‍රතික්ෂේප කර ඇත්තේ මින් පෙර ඔහු විසින් ඉදිරිපත් කල නිර්දේශ කිසිවක් මේ වන තුරු ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට් ආයතනය ක්‍රියාකර නොමැති බැවින් ඒ  සම්බන්දවෙන් තමන් සතුව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

තමන් ක්‍රිකට් කමිටුව සමග වසරක කාලයකුත්, මාස 6ක කාලයක් විශේෂ උපදේශක කමිටුවේත් කටයුතු කල නමුත් තමන් විසින් ඉදිරිපත් කල කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක නොවූ බව ඔහු චෝදනා කරමින් ඔහු සදහන් කර ඇත්තේ කිසිවෙකුට හෝ කාලය අවශ්‍යනම් ඒ සදහා තමන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ව යොදා නොගන්නා ලෙසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article