Friday, September 20, 2024

ශ්‍රී ලංකන් වෙතින් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්

Must read

ශ්‍රීලංකන් සමාගම විසින් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. එයට හේතු වී ඇත්තේ සමාගම මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය බවද වාර්තා වෙයි.
මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම ත්‍රිපුද්ගල කමිටුවක්ද පත්කර ඇති අතර එම කමිටුව විසින් සමාගමේ ඉදිරි වසර 3 සඳහා මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබේ.

දළ වශයෙන් සේවකයින් 560 දෙනෙක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ සඳහා රුපියල් බිලියන 1.46ක් වැය වෙතැයි ද ඇස්තමේන්තු කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article