Saturday, September 5, 2026
spot_img

ශ්‍රීපාදේ ගිය අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් 5 දෙනාට පොලිස් ඇප

Must read

ඇඳිරි නීති කාලසීමාව තුලදී ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

මෙම පිරිස ඊයේ (03) මස්කෙළිය, මාවුස්සාකැලේ පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී පාදස්ථානයට යාමේ අරමුණින් ලොරි රථයකින් පැමිණ සිටි මොවුන් සතුව ඇදිරි නීති බලපත්‍රයක් නොතිබූ බව වාර්තා වෙයි.මොවුන් පැමිණි ලොරි රථය තවදුරටත් පොලිස් භාරයේ පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article