මහින්ද රාජපක්ස මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වයේ සිටියදීම හා එ් හරහා ඔහුට හිමිවූ විපක්ෂ නායක ධූරයේද සිටියදීම අගෝස්තු 11වනදා පැවැත්වෙන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවේදී නිල වශයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වශයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිත බව වාර්ථා වෙයි. එහිදී යම් නීතිමය ගැටළුවක් උද්ගතවන්නේ නම් ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම්ව සිටින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කර ඇත.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා එලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටියදී වෙනත් පක්ෂයක නායකත්වය ගැනීමෙහි කිසිදු වරදක් නොමැති බවයි.