ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ ධීවර කටයුතුවල නිරත වීම වැළැක්වීමට ඉන්දීය සංගමය සහ තමිල්නාඩු රජය නිසි පියවර ගත යුතු බවධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඉල්ලා සිටියේය. ඔහු මෙම ඉල්ලීම සිදුකරන ලද්දේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ මහතා පසුගිය පසුගිය 25 වනදා කොළඹ මාලිගාවත්ත ධීවර අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේදීයි.
අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී දෙරට අතර දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික සබඳතා පිළිබඳව සාකච්ඡා කෙරුණ අතර නමුත් ධීවර ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන්ම තමිල්නාඩුවේ ධනවත් ධනපතියන් සහ දේශපාලනඥයන් ධීවරයන් අතකොළු කර ගැනීමට උත්සාහ කරන බවත් ඔවුන් තම ජීවනෝපාය ගැන පමණක් සිතන බවත් උතුරේ ධීවරයන්ගේ තත්ත්වය ගැන නොසිතන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
එබැවින් ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය වැළැක්වීමට සහ ධීවරයින් දැනුවත් කිරීමට ඉන්දීය සංගමය සහ තමිල්නාඩු රජය ක්‍රියාශීලී පියවර ගත යුතු බව අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ඉන්දීය ධීවරයින්ගෙන් අත්අඩංගුවට ගත් බෝට්ටු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
උතුරු, නැඟෙනහිර සහ කඳුකර ප්‍රදේශවල සංවර්ධනය සඳහා ඉන්දියාව ලබා දෙන සහයෝගිතාව පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා ඒවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියේය.
M.Thayakkiny