Saturday, September 21, 2024

ශ්‍රීලාංකිකයන් 42% දරිද්‍රතා මට්ටමට : සමීක්ෂණයකින් හෙලිවෙයි

Must read

මෙරට ජනතාවගෙන් 42%ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙලෙන බව සිදුකල අධ්‍යනයකින් හෙලිවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

මේ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ 2019 වසරේදී මෙරට ජනතාවගෙන් ලක්ෂ 30ක් පමණ දරිද්‍රතාවයෙන් පෙලුන බවත් අද වන විට එය ලක්ෂ 96ක් දක්වා වැඩිවී ඇති බවයි.

කෙසේ වෙතත් ලෝක බැංකුව විසින් මේ සම්බන්දයෙන් සිදුකල අධ්‍යනයකින් පසු ඔවුන් වාර්තා කර ඇත්තේ මෙරට ජනතාවගෙන් 26% ක් පමණ දරිද්‍රතාවයෙන් පෙලෙන බවටයි. නමුත් මහාචාර්යවරයා පවසන්නේ මෙරෙට ජනතාවගෙන් දරිද්‍රතාවයෙන් පෙලෙන ප්‍රමාණය අනිවාර්යයෙන්ම එම අගයට වඩා ඉහල අගයක පවතින බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article