Thursday, May 8, 2025

වෙන්ව සිටි කරුණා සහ පිල්ලෙයාන් පාලන මැතිවරණය වෙනුවෙන් එක්වෙති !

Must read

මඩකලපුවේ පිහිටුවන ලද ‘නැගෙනහිර දෙමළ සන්ධානය’ නම් නව සන්ධානයට කරුණා අම්මාන් ලෙස හඳුන්වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් සහ පිල්ලෙයාන් ලෙස හඳුන්වන හිටපු රාජ්‍ය අමාත්‍ය සී. චන්ද්‍රකාන්තන් එක්වී ඇති අතර, සෙනසුරාදා මඩකලපුවේ රිවෝරා හෝටලයේදී අද අවබෝධතා ගිවිසුමක් අත්සන් කර  තිබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයේ පසුබෑමෙන් පසු, පිල්ලෙයාන් ලෙස හැඳින්වෙන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නව උත්සාහයක් ගනිමින්  ‘නැගෙනහිර දෙමළ සන්ධානය’ පිහිටුවා ගත් අතර . පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂය සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියෂේන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රගතිශීලී දෙමළ සන්ධානය අතර නිල අවබෝධතා ගිවිසුමක් පසුගිය 15 වන දින අත්සන් කරන්නට යෙදුණි.

මෙම තත්ත්වය තුළ, නැගෙනහිර දෙමළ සන්ධානය සහ කරුණා නායකත්වය දරන දෙමළ එක්සත් නිදහස් පෙරමුණු පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අද ( 22 )  අත්සන් කිරීමෙන් පසු, වෙන්ව සිටි කරුණා සහ පිල්ලෙයාන් නැවත එක්වී තිබේ.
රුද්‍රන් – මඩකලපුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article