Friday, September 20, 2024

වෘත්තිය සටන මඩින්න කොටුවට හමුදාව ! බදු පණතට සංශෝධන …

Must read

වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත.

මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසි ඇත.

මූල්‍ය නොවන වරප්‍රසාද, උපයන විට බදු ගෙවීම් ගණනයෙන් ඉවත් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා අද  පවසා තිබේ

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් කියා සිටි බව දැනටමත් මාධ්‍ය විසින් වාර්තා කර ඇති  ඇතර මුල්‍ය නොවන වරප්‍රසාද ලෙස හැඳින්වෙන්නේ තමන්ගේ වැටුපට අමතරව ලබාදෙන වෛද්‍ය ආධාර දීමනා, නිල නිවාස වලට අදාළ තක්සේරුකිරීම්, නිල වාහන වලට අදාළ තක්සේරු කිරීම්, කාර්යමණ්ඩලයට අදාළ තක්සේරුකිරීම් ආදිය වේ

මේ අතර ජනපති වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදි කියා තිබුනේ බදු පැනවිම කැමැත්තකින් කළ දෙයක් නොවන බවය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article