Thursday, January 23, 2025

විස්සයි විස්ස අවසන් තරඟයට වැස්සෙන් බාධා

Must read

හෙට (13) පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට වැස්සෙන් බාධා ඇති විය හැකි බව වාර්තා වෙයි. මෙම තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ මින් පෙර වර්ෂා⁣ව හේතුවෙන් තරඟ කිහිපයක් අතහැර දැමීමට සිදුවූ මෙල්බර්න් ක්‍රීඩාංගනයේදීය.

වැස්ස හේතුවෙන් යම් හෙයකින් තරඟයට බාධාවක් ඇති වුවහොත් පසුදා එනම් සඳුදා (14)අතිරේක දිනයක් වශයෙන් නම් කිරීමට ICC ය කටයුතු කර ඇත.නමුත් කාලගුණ වාර්තා වලට අනුව 14වනදාත් මෙල්බර්න් ආශ්‍රීත ප්‍රදේශයටදැඩි වර්ෂාපතනයක් ලැබීමට නියමිතය.

ඒ අනුව සඳුදා දිනයේදීද තරඟය පැවැත්වීමට වර්ෂාවෙන් බාධාවක් ඇතිවුවහොත් තරඟය සඳහා අතිරේක පැය 2ක ලබාදීමට ICC පියවර ගෙන ඇති අතර ඒ අනුව තරඟය සදහා පැය 7යි මිනිත්තු 10ක කාලයක් හිමිවේ.

ඉරිදා තරඟයට වර්ෂාවෙන් බාධා ඇතිවී සඳුදා දිනයේදී වර්ෂාව පැවතියහොත් එක් කණ්ඩායමකට අවම වශයෙන් පන්දුවාර 10ක් ලබා දීමට නියමිත අතර ඉරිදා දිනයේ තරඟය නැවැත්වූ තැනින් සඳුදා දිනයේදී පන්දුවාර 10ක තරඟයක් වශයෙන් නැවතත් තරඟය පැවැත්වීමේ අවස්ථාව හිමිවේ.

එමෙන්ම කණ්ඩාම් දෙකට අවම වශයෙන් පන්දුවාර 10ක් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකටම සමශූරතාවය ලබාදීමට ICCය තීරණය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article