විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව විසින් අද (03) දිනයේදි ක්‍රියාත්මක කිරීමට තිබූ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලිය තවකාලිකව අත්හිට වූ බව එම එකමුතුව පවසයි.
රාජ්‍යසේවයට සාපේක්ෂකව විශ්ව විද්‍යාල සේවක වැටුප්වල පවතින විෂමතාවය ඉවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පියවර ගැනීම මත මෙසේ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලිය තවකාලිකව අත්හිට වූ බව එම එකමුතුව පවසයි.
නමුත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වන බවත් අදාළ විසදුම් ලබන සදුදා 7 වැනිදා වනවිට ලැබුණහොත් වර්ජනය අවසන් කරන බවත් එම එකමුතුවේ උප සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වන විට දින 24ක පමණ කාලයක් තිස්සේ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වෙයි.