Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශ්වමඩු ඉන්ධන හලේ සිදුවීම සම්බන්ධයෙන් යතුරු පැදි 13ක් අත්අඩංගුවට

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ  විශ්වමඩු විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලක ඊයේ (18) රාත්‍රියේ තරුණයින් සහ හමුදාව අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති විය. සිද්ධියට මුල්වී ඇත්තේ තෙල් බලාපොරොත්තුවෙන් පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු විසින් හමුදා නිලධාරීන්ට දෝෂාරෝපනය කරමින් ඔවුන් හා ගැටීමට යාමයි. ‌සිද්ධිය දුරදිග යාමෙන් ජනතාව සහ හමුදාව අතර පහරදීමක් සිදුවූ අතර  අද පෙරවරුවේදී සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිරිප්පු පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර  මේ වන විට ඒම ස්ථානයේ තිබු යතුරු පැදි 13ක් හා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.  ඊයේ ඇතිවූ ගැටුමෙන් සිවිල් පුරවැසියන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර හමුදා සෙබළුන් තිදෙනෙකුද තුවාල ලබා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article