මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ 2 කණුවෙහි අලුතින් විවෘත කරන ලද මත්පැන් අලෙවිසැලට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව සහ මහජන සංවිධාන නියෝජිතයින් අද සිකුරාදා (30) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට බැනර් රැගෙන විරෝධතාවයක නිරත විය.
මන්නාරම නගර ප්‍රදේශයේ දැනටමත් මත්පැන් අලෙවිසැලක් පිහිටුවා විවෘත කර ඇති අතර මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ 2 වැනි කණුව ප්‍රදේශයේ නව මත්පැන් අලෙවිසැලක් ඉදිකිරීමට ජනතාව සහ මහජන සංවිධාන විවිධ විරෝධතා ඉදිරිපත් කරමින් සිටිති. ඔවුන්ගේ ඉල්ලීම ඇතුළත් ලිපිය ප්‍රධාන අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් වෙත භාරදී ඇත. 




