Thursday, September 19, 2024

විවෘත කරන ලද මත්පැන් අලෙවිසැලකට මන්නාරමේ ජනතාවගෙන් විරෝධතා

Must read

මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ 2 කණුවෙහි අලුතින් විවෘත කරන ලද මත්පැන් අලෙවිසැලට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව සහ මහජන සංවිධාන නියෝජිතයින් අද සිකුරාදා (30) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට බැනර් රැගෙන විරෝධතාවයක නිරත විය.

මන්නාරම නගර ප්‍රදේශයේ දැනටමත් මත්පැන් අලෙවිසැලක් පිහිටුවා විවෘත කර ඇති අතර මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ 2 වැනි කණුව ප්‍රදේශයේ නව මත්පැන් අලෙවිසැලක් ඉදිකිරීමට ජනතාව සහ මහජන සංවිධාන විවිධ විරෝධතා ඉදිරිපත් කරමින් සිටිති. ඔවුන්ගේ ඉල්ලීම ඇතුළත් ලිපිය ප්‍රධාන අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් වෙත භාරදී ඇත.  

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article