Friday, September 20, 2024

විදෙස් කතකට හිරිහැර කල 5ක් අත්අඩංගුවට

Must read

ගාලුමුවදොර පිටියේදී විදෙස් කාන්තාවකට හිරිහැර කල සිදුවීමකට සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

සිදුවීමට මුහුණදුන් කාන්තාව හා ඇගේ මිතුරන් තිදෙනෙකු පමණ ගාලුමුවදොර පිටියේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී බීමතින් සිට 10 දෙනෙකුගෙන් පමණ පිරිසක් තමන් ඇතුලු පිරිසට හිරිහැර කිරීමට පටන් ගත් බවත්, ඒ අතරින් ප්‍රධාන සැකකරු තමන්ට අසභ්‍ය වචනවලින් ආමත්‍රණය කල බවත් මෙම කාන්තාව පවසයි.එමෙන්ම එම අවස්ථාවේදී මෙම කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ කාන්තාවගේ මිතුරෙකුටද මෙම පිරිස විසින් පහර දී ඇති අතර කාන්තාව විසින් එම අවස්ථාව විඩීයෝගත කර ඇත.කාන්තාව විසින් තමන් ඇතුලු පිරිස වීඩියෝ ගතකරන බව වැටහුණු අදාල සැකකරුවන් පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවද සිදුවීම විස්තර කරමින් විදෙස් කාන්තාව සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article