Sunday, September 22, 2024

වැලිපැන්නට කිඹුල් බියක්

Must read

වැලිපැන්න පොලිස් වසමේ මුස්ලිම් පාරේ සිල්ව පෙදෙස නමින් හැදින්වෙන ප්‍රදේශයෙන් ගලා බසින ගංගාව ආශ්‍රිතව විශාල කිඹුලෙකු ගැවසෙන බව ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දී තිබෙනවා. මෙම කිඹුලා අඩි 12ක පමණ දිගින් යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම ප්‍රදේශය ආසන්නයේ ඇති ගවමස් වෙලදසැලකින් ඉවතලන ගවමස්කටු කෑමට මෙම කිඹුලා පැමිනෙන්නට ඇතැයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන අතර කිඹුලා දවසේ බොහෝ වේලාවක් ගං ඉවුරේ රැදී සිටීම නිසා ප්‍රදේශවාසීන්ට ගගේ නෑමට හා ගවයන්,එළුවන් වැනි සතුන් ගංඉවුරේ බැද තැබීමටද නොහැකි වී තිබෙනවා.

ප්‍රදේශයේ සැරිසරන අඩි 12ක් පමණ දිග කිඹුලා
ප්‍රදේශයේ සැරිසරන අඩි 12ක් පමණ දිග කිඹුලා

04

ඡායාරූප මූලාශ්‍රය –  දිනමින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article