නාවලපිටිය නගරයේ සිට කොත්මලේ පසු මාවත දක්වා ධාවනය වු වෑන් රථයක් (20) දින උදැසන 9.15 ට පමණ නාවලපිටිය නගරයේ අතුරු මාර්ගයකට ඇතුල් කරන අවස්තාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි දෙදරු පියා වෑන් රථයේ පැති කණ්ණාඩියේ වැදි බිමට වැටිමෙන් පසු වෑන් රථයේ පසුපස රෝදයට යට විමේ ශෝචනීය පුවතක් වාර්තාවේ
බරපතල ලෙස තුවාල ලබා සිටියදී නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත (20) දින ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු ජිවිතක්ෂයට පත් ව තිබුණි
නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල ඉදිරිපිටදි මෙම අනතුර සිදුව ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය බව්වාගම නව ජාතික නිවාස සංකිර්ණයේ පදිංචි දෙදරු පියෙකි.
වෑන් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇතිබවත්, වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා නාවලපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මුලාශ්රය -අරුණ