Sunday, January 12, 2025

වාසු සහ ජොන්ස්ටන් එජාප පෙරමුණට?

Must read

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් අනතුරුව එජාපයෙන් ඉවත්ව සිටි පිරිස් යළි පක්ෂය සමඟ සම්බන්ධ වීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ සටනේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරන ලදී.

මේ අතර පසුගියදා එජාප නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වාසුදේව නානායක්කාර මහතා  සාකච්ජා කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන් වාසුදේව නානායක්කාර මහතා ගෝඨා විරෝධියෙකු  ලෙස පෙනී සිටි අතර පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්නා තැනට පත්වුවද ඔහු කෙරෙන් සහමුලින්ම ගෝඨා විරෝධය අහෝසි වී නැති බවයි වාර්තා වන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එජාප සාමාජිකයෙකුව සිටි අතර ඔහුට එජාපය වෙනුවෙන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්ද සැලකිය යුතු ජන්ද ප්‍රමාණයක් පවතී.

එහෙයින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාවද යළි එජාපයට එක්කරගැනීමට සූදානමක් පවතින බවයි කියවුණේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින එජාපයෙන් ඉවත්ව පැමිණි තවත් ඉදිරිපෙළ නියෝජිතයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ද යළි එජාප අවධානය යොමු වී ඇති බවද සඳහන්.

කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ විශ්වාස කළ නොහැකි අන්දමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

[LNW]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article