Tuesday, September 15, 2026
spot_img

වලවේ ගගේ දිය නෑමට ගොස් සිසුවියක් ජීවිතක්ෂයට පත්විමේ සිදුවීමට ගුරුවරියක් අත්අඩංගුවට

Must read

බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමෙ සිදුවීම සම්බන්ධයෙන්  ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්තොට පොලිස් වසමේ තන්ජන්තැන්න විද්‍යාලයේ භාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරියවය.

එම ගුරුවරිය විසින් පාසලේ විදුහල්පතිවරයාගෙන් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් කිසිදු අවසරයක් ලබානොගෙන එම විද්‍යාලයේ ළමුන් 15 දෙනෙක් සමග පෙරේදා දිනයේ දී වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී 16 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (01) දිනයේ දී ඇය බලන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article