Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

වරායේ ස්කෑන් වලින් මිනිස් සිරුරට හානියක් නැහැ

Must read

වරායේ සවිකර තිබෙන ඇති නවීන ස්කෑන් යන්ත්‍ර මගින් මිනිස් සිරුරට අහිතකර බලපෑමක් නැතැයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් ද වෛද්‍ය මණ්ඩලයක් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ කමිටුවක් අද (10) පෙරවරුවේ වරාය අධිකාරියට ගෙන්වා ඒ බව සනාථ කළ බවද ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කීය.

එම නිසා එම අතිනවීන ස්කෑන් යන්ත්‍ර පිළිබඳව විශ්වාසය තැබිය හැකි බව බහාලුම් රියදුරන් අවබෝධ කර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ජයරත්න මහතා පැවසීය.

වරාය අධිකාරියේ අලුතින් ස්කෑන් යන්ත්‍ර හතරක් සවිකර තිබෙන අතර ඒවා හරහා බහාලුම් ගමන් කිරිමේ දී රියදුරන් හා රිය සහායකයින් ද එක්ස් කිරණවලට භාජනය වන බවට චෝදනා කරමින් බහාලුම් රියදුරෝ අද පැය කිහිපයක් වැඩවර්ජනයක නිරතවුහ.

පසුව බලධාරීන් මැදිහත් වී අද දවස පුරාම එම ස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තැබූ අතර පසුව සාමාන්‍ය පරිදි බහාලුම් ප්‍රවාහන සිදු කෙරිණි.

(Lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article