Thursday, December 26, 2024

වන සංරක්ෂණ නිලධාරිනිය නිවැරදියි : රාජ්‍ය ඇමති නීතිය දන්නේ නැහැ – S.M.චන්ද්‍රසේන

Must read

ක්‍රීඩංගණයක් සදහා මීගමුව ප්‍රදේශයේ කඩොල් සහිත භූමිභාගයක් වෙන් කර දෙන ලෙස ඉල්ලමින් සාකච්ඡාවක් පැවැත්වූ රාජ්‍ය  ඇමති සනත් නිෂාන්ත ඇතුළු කිහිදෙනෙක් සමග එහි නීතිවිරෝධී තත්වය සම්බනදයෙන් තර්ක කල

වන සංරක්ෂණ නිලධාරිනිය නීතිය නිසියාකාරව සිදුකර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වන සංරක්ෂණ පනත පිළිබඳ නොදන්නාකම නිසා මෙවැනි දෙයක් කළ හැකි බව පැවසූ බවත්, ඒ නිසා අදාළ ඉඩම වෙනත් කටයුතුවලට ලබා නොදෙන බවද පවසා අමාත්‍ය චන්ද්‍රසේන පවසයි. එමෙන්ම එම නිලධාරිනියට කිසිදු බලපෑමක් සිදුවීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා සහතික කරයි.

මෙම සිදුවීමෙන් පසු අදහස් දක්වා ඇති සනත් නිශාන්ත පවසා ඇත්තේ එම ක්‍රීඩාංගන ව්‍යපෘතිය නැවැත්වීමට සූදානමක් නැති බවයි

කෙසේ වෙතත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාටද ඔරුගල්යාය ප්‍රදේශයේ වනාන්තරයක් එලි කිරීම සම්බනදයෙන් චෝදනා එල්ල වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article