Saturday, September 21, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ඇමරිකාව තීරණය කරයි

Must read

කොරෝනා වෛරස් ව්‍යප්තිය ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භ වීමත් සමග විවිධාකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුකල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ වන විට, ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කරගැනීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.
මින් පෙර අවස්ථාවන් කිහිපයකදීම ඇමරිකානු ජනාධිපතිවරයා චෝදනා කර සිටියේ සෞඛ්‍ය සංවිධානය, චීනයේ පාලනය යටතේ පවතින බවයි.
මෙම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් වසරක් පමණ ගතවිය හැකි වුවද ඔහුගේ අදහස මේවනවිටත් එක්සත් ජාතින්ගේ සංවිධානයට සහ කොන්ග්‍රසයට දැනුම් දී ඇති අතර මේ බව තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ජුඩරික් මහතා පවසා ඇත්තේ 2021 ජූලි 06 දින සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකාවේ ඉවත්වීම පිළිබඳව දැනුම් දී ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article