Friday, September 20, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් ! : ”කොරෝනා වෙන් තරුණයන්ටත් බේරීමක් නැහැ”

Must read

තම වයස නිසා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වනු ඇතැයි සිතීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තරුණයින්ට

දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

“අද මට තරුණයන් වන ඔබට පණිවිඩයක් තිබේ. ඔබට මෙම වෛරසය පරාජය කළ නොහැකියි. මෙම වෛරසය ඔබව සති ගණනක් රෝහල් ගත කර තබනු ඇත. නැතහොත් ඔබව මරා දමනු ඇත. ඔබට අසනීප නොවුනත්, ඔබ යන එන තැන් ගැන ඔබ ගන්නා තේරීම් අනුව තවකෙකුගේ ජීවිතය රඳා පවතිනු ඇතැයි” යැයි  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සිකුරාදා (20) පැවසීය.

ටෙඩ්‍රොස් පැවසුවේ බොහෝ තරුණයන් “වෛරසය නොව වචනය පතුරුවා හැරීම” ගැන ස්තුතිවන්ත වන බවයි.

“සෑම දිනකම අපි මෙම වයිරසය සහ එයින් ඇති වන රෝග පිළිබඳව වැඩිදුර ඉගෙන ගනිමින් සිටිනවා. අප ඉගෙන ගන්නා එක් දෙයක් නම්, මෙම රෝගයෙන් දැඩි බලපෑම් එල්ල වන කොට්ඨාසය වැඩිහිටියන් වූවත් මින් තරුණයින් බේරෙන බවට කිව නොහැකියි. ”

“බොහෝ රටවල දත්ත වලින් පැහැදිලිවම පෙනී යන්නේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝහල් ගත කිරීම අවශ්‍ය බවයි.” ටෙඩ්‍රොස් පැවසීය.

 

මානසික – ශාරීරික සෞඛ්‍ය පවත්වාගන්න:

එමෙන්ම සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

“මෙම දුෂ්කර කාලය තුළ, ඔබේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ගැන දිගටම සොයා බැලීම වැදගත්. මෙය දිගු කාලීනව ඔබට උපකාරී වනු ඇතිවා පමණක් නොව, ඔබ එලෙස මනා මානසික හා ශාරීරික සෞඛ්‍යයක්  පවත්වාගෙන යාම ⁣වෛරසය සමඟ සටන් කිරීමටද උපකාරී වනු ඇත,”  ටෙඩ්‍රොස් පැවසීය.

“ඔබේ රටේ මේ වන විට එළියට ගොස් ඇවිදීමට අවසර තිබේනම් අන් අය සමග මනා දුරස්ථභාවයක් තබාගෙන පොඩි ගමනක් ගිහින් එන්න. ඔබට නිවසින් පිටව යා නොහැකි නම්, ව්‍යායාම වීඩියෝවක් අන්තර්ජාලයෙන් සොයා ගන්න, සංගීතයට නටන්න,  යෝගා කරන්න, නැතහොත් පඩි පෙළ ඉහළට හා පහළට ඇවිදින්න,”ටෙඩ්‍රොස් පැවසීය.

“ඔබේ රටේ මේ වන විට එළියට ගොස් ඇවිදීමට අවසර තිබේනම් අන් අය සමග මනා දුරස්ථභාවයක් තබාගෙන පොඩි ගමනක් ගිහින් එන්න. ඔබට නිවසින් පිටව යා නොහැකි නම්, ව්‍යායාම වීඩියෝවක් අන්තර්ජාලයෙන් සොයා ගන්න, සංගීතයට නටන්න,  යෝගා කරන්න, නැතහොත් පඩි පෙළ ඉහළට හා පහළට ඇවිදින්න,”
– ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස්

 

දුම්පානය එපා – මත්පැන් සීමා කරන්න

“සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගන්න, දුම් පානය කරන්න එපා, මත්පැන් පානය සීමා කරන්න, සීනි සහිත බීම වලින් වැළකී ශාරීරිකව ක්‍රියාශීලීව සිටීමට මා නිර්දේශ කරනවා”ඔහු කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිහිටියන් සඳහා දිනකට මිනිත්තු 30 ක ශාරීරික ක්‍රියාකාරකම් නිර්දේශ කරන අතර ළමයින් සඳහා දිනකට පැයක් නිර්දේශ කරන බව ටෙඩ්‍රොස් පැවසීය.

(CNN ඇසුරෙන් -medialk.com)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article