Friday, September 20, 2024

ලෙබනනය හරහා ඉතාලියට බෝට්ටුවෙන් යවන ජාවාරමක් …..

Must read

මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇතැයි දිණමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එසේ අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, මෙරට පිරිසද සිටින බැවින්, මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා තිබේන බැව් එම පුවතේ වැඩිදුරටත් සදන්ය.
මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස හා තම මුදල් නාස්ති කර නොගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබදව තොරතුරු දන්නේ නම්, පහත සඳහන් කර ඇති දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.
              පැය 24 තොරතුරු මධ්‍යස්ථානය – 1989 ක්ෂණික ඇමතුම් අංකය
              විමර්ශන අංශය – 0112864214
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article