Tuesday, January 7, 2025

ලාෆ් ගෑස් හිඟය අවසන්ද ?

Must read

කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී ඇතැයි ද ලිඩර් වෙබ් අඩවයි වාර්තා කර තිබේ.ඒ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පළවූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමිනි.

තවද ගෑස් ඉල්ලුමට සරිලන පරිදි හිඟයකින් තොරව දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයුම අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරින් දැනුවත් කර තිබුණු බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

මේ අතර ලාෆ් ගෑස් සමාගම පවසන්නේ, මාස කිහිපයක් පුරා පැවැති ලාෆ් ගෑස් හිඟය ඊයේ (24වැනිදා) සිට අවසන් වු බවයි.

ගෑස් නොමැති වීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටි අතර ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ ගල්ෆ් යුද වාතාවරණය හේතුවෙන් ගෑස් පැටවීමේ ප්‍රමාදයක් ද සිදු වූ බවයි.

ගෑස් පැටවු නෞකාව හම්බන්තොට වරායට ඊයේ (24 වැනිදා ) ළඟාවූ අතර බෙදා හැරීමේ කටයුතු අද සිට (25වැනිදා) ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ සභපති ඩබ්ලිව්.කේ එච්. වෑගපිටිය කියා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article