ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සදහා සැප්තම්බර් මාසයේදී අතිකාල දීමනා වශයෙන් කෝටි 15කට අධික මුදලක් ගෙවා ඇති බවත් අතිරික්ත සේවකයින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී එසේ ගෙවීම් කර ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට ඊයේ (19) දැනුම් දී ඇත.ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් සේවක සංඛ්‍යාවක් සිටියදීත් අවිධිමත්ව කළමනාකරණය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව විදුලිබල අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.