Saturday, January 11, 2025

රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු සාක්ෂියක් නොමැතිව බව නීතීඥවරු කියයි.

Must read

කිසිදු  සාක්ෂියක්  නොමැතිව  මීගමුව හිටපු එ.ජා.ප සංවිධායක  රොයිස්  විජිත  මහතා අත්අඩංගුවට  ගැනීම   පොලීසිය  විසින්  කළ වරදක්බව   විත්තියේ  නීතීඥ  වරුණ  චන්ද්‍රනාත්  වීරසූරිය  මහතා  අද (08) අධිකරණය   ඉදිරියෙහි   කරුණු  දක්වමින්   පැහැදිලි  කළේය.  නීතීඥ වීරසූරිය මහතා මේ බව සදහන් කර සිටියේ පුද්ගලයෙකු පැහැරගෙන යාම කප්පම් ඉල්ලීම  මත යැයි පවසමින් අත්අඩංගුවට ගත් මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාට අදාළ නඩුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදීය.
මෙම  නඩුව   පවරා තිබුනේ  පුද්ගලයෙකු  පැහැරගෙන යාම   කප්පම්   ඉල්ලීම   වැනි දෑ මත  කරන ලද  පැමිණිල්ලකට  අනුවය.  මේ සඳහා   ගිනි  අවියක්  සහ  මාංචු  කුට්ටමක්  භාවිතා  කර  ඇතිබවත්  ප්‍රකාශ  විය.  නමුත්   එම  ගිනි අවිය  ,  මාංචු  කුට්ටම  හෝ වෙනත්    කිසිදු  සාක්ෂියක්  නොමැතිව  පුද්ගලයෙකු  මෙසේ  අත්අඩංගුවට  ගැනීම   වැරැද්දක්   බවත්  ,  රොයිස්   මහතා  මීගමු  ප්‍රදේශයේ   සිටින  වැදගත්  පුද්ගලයෙක්  බවත් මෙය  දේශපාලන   හස්තයකින් හසුරුවන්නක්  බවත්  නීතීඥ වීරසූරිය මහතා අධිකරණය ඉදිරියේ පෙන්වා දී ඇත.
එමෙන්ම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දන්ත  නිරංජන්  මහතා ද  ප්‍රකාශ  කළේ සාක්ෂිකරුවන්ට පහරදී පොලීසිය විසින් බලෙන් ලබාගත් සාක්ෂියක් මතම පමණක් පදනම්ව මෙසේ අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බවයි. මැතිවරණයක් ලග ඇති බැවින් මෙම සිදුවීම දේශපාලන හස්තයක් මගින් සැලැසුම්ගතව හසුරුවන්නක් බවද නීතීඥ දන්ත නිරංජන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර සිටියේය.
මේගැන  සළකා   බැලූ  විනිශ්චකාරතුමිය   මීළඟ  නඩු  වාරයේදී   සාක්ෂි  ඉදිරිපත්   කර ,නීතිපති  උපදෙස්  ඇතිව  නඩුවට  ඉදිරිපත්   වන  ලෙස  පැමිණිල්ල  වෙත  නියෝග  කළ  අතර ජුලි 17 වන  දින  දක්වා   නඩුව  කල්තබන  ලදී.රොයිස් විජිත මහතා ජුලි 17වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කෙරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article