Friday, September 20, 2024

රුපියල් මිලියන එකසිය දාසයක් වැය කරමින් පාසල් සඳහා උෂ්ණත්වමාන මිලදී ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් – වෛද්‍ය සම්මේලනය

Must read

පාසල් ආශ්‍රිතව කොවිඩ්19 ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගතහැකි තවත් වැඩදායී පියවර රැසක් පවතිද්දී රුපියල් මිලියන එකසිය දාසයක් වැය කරමින් පාසල් සඳහා උෂ්ණත්වමාන මිලදී ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය මේ බව සදහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය පවසා ඇත්තේ කෙසේ වෙතත් මෑත කාලීනව වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් බහුතරයක් උණ රෝගයෙන් ආසාදනය වී දින කිහිපයකට පසු කොවිඩ් 19 රෝගී තත්ත්වයෙන් උණ රෝගී ලක්ෂණ ප්‍රදර්ශනය වී ඇති බැවින් කොවිඩ් 19 වැළැක්වීමේ පියවරක් ලෙස මෙලෙස විශාල මුදලක් වැය කරමින් උෂ්ණත්වමාන භාවිතය විද්‍යාත්මක පදනමින් සාධාරණීයකරණය කළ නොහැකි බවයි. උෂ්ණත්වමාන වෙනුවට ගලායන ජලය, දෑත් පිරිසුදු කිරීමේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ හා ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි අවශ්‍යතා සඳහා අදාළ මුදල වැය කිරීම සුදුසු බව එම ලිපිය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article