Tuesday, December 24, 2024

රනිල්ගේ ගේම් ගැන නවීන් කියන කථාව …

Must read

ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක  කියන්නේ නැතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ජනාධිපතිවරයා ගේ පළමු යුතුකම ජනතාවගේ බඩගින්න නිවීම බව කී දිසානායක මහතා රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත්  දිය යුතු යැයිද ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි යැයිද පවසා තිබුණි

අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක් යැයිද ප්‍රශ්න ගොඩක් තිබුනත් මාස 6කට පෙර තිබූ තත්ත්වයට වඩා රට හොඳ තැනකට පැමිණ තිබෙන බව නවීන් දිසානායක අවධාරණය කර තිබුණි..

මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2කට පැමිණ තිබෙන අතර රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා විට විදේශ සංචිත තිබුණේ ඍණ  මට්ටමක බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නවීන් දිසානායක සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article