Saturday, January 11, 2025

රටේ ඉඩම් විදේශිකයන්ට විකිණීම එක් නියෝගයකින් නැවැත්වීමට ජනාධිපතිට පුළුවන් – හිටපු ජනපති රාජපක්ෂ

Must read

ඉඩම් අමාත්‍යංශයේ ලේඛම්වරයාට නියෝගයක් ලබාදීම මගින් මෙරට ඉඩම් විදේශිකයන්ට ලබාදීම නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි බව හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා මඟ දෙපස ඉඩම් විකුණා දැමීමට සෝෆා ගිවිසුම හරහා උත්සාහ දරන බවට චෝදනා කරමිනි.

තමන්ද ජනාධිපතිධූරය හෙබවූ බැවින් මෙම ක්‍රියාව නැවැත්විය හැකි බව තමන් දන්නා බවද රජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

නමුත් ශැංග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට, රටේ වටිනාම ඉඩම චීනයට සින්නක්කර විකුණා දැමුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. ඒ ඉඩම් සින්නක්කරව චීනයට ලබාදුන් අවධියේදී රජපක්ෂ මහතා මේ පිළිබදව නොදැන සිටින්නට ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article