Friday, September 20, 2024

රජය , මානව හිමිකම් හා  සිවිල් ක්‍රියාකාරීන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අහුරමින් සිටිනවා – P2P පවසයි

Must read

 

පොතුවිල් සිට පොලිකන්දි  (p2p) දක්වා වූ මහජන නැගිටීමේ ව්‍යාපාරයේ  සම්බන්ධීකාරක ,මානව හිමිකම් හා සිවිල් ක්‍රියාධරයෙකු වන  එස්. සිවයෝගනාදන් මහතාගේ නිවසට පසුගිය 23 වනදා ත්‍රස්ත විරෝධී විමර්ශන අංශයේ  නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්  විමර්ශනයක් සිදුකර තිබේ. එහිදී , පොතුවිල් සිට පොලිකන්දි දක්වා වු මහජන නැගිටීමේ ව්‍යාපාරයේ ක්‍රීයාකාරී සාමාජිකයෙකු වන සිවයෝගනාදන් මහතා සම්බන්ධවී ඇති සංවිධාන මෙන්ම ඔහුගේ සම්බන්ධතා අතර රජය විසින් තහනම් කරන ලද සංවිධාන තිබෙනවාද යන්නත් එමෙන්ම  ඔහු හා සම්බන්ධ මාධ්‍යවේදීන් පිළිබඳව ද විමසා ඇත. සිවයෝගනාදන් මහතාගේ නිවසට ත්‍රස්ත විරෝධී විමර්ශන ඒකකයේ නිලධාරීන් පැමිණ සිදුකර ඇති මෙම ප්‍රශ්න කිරීම ප්‍රසිද්ධියේ වැඩකරන දේශපාලන ක්‍රියාධරයෙකු මත ත්‍රස්තවාදී හංවඩුව ගැසීමට දරන උත්සාහයක් ලෙසත්  සිවිල් සමාජ ක්‍රියාකාරීන් බිය ගැන්වීමටත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩාල කිරීමටත්, ඔවුන් නීතිය ඉදිරියට ගෙනයාමට දරන උත්සාහයක් බවට මේ සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කරමින් P2P ව්‍යාපාරය විසින් කියා සිටියි.

තවදුරටත් එහි සඳහන් වන්නේ ,

”ඉහත සියළු විමර්ශන මානව හිමිකම් හා  සිවිල් ක්‍රියාකාරීන් බිය ගැන්වීම සහ දිගින් දිගටම එවැනි ක්‍රියා කිරීමෙන්  ඔවුන්ට තර්ජනය කිරීම හා අර්බුදයට ලක්කිරිම මෙම ප්‍රශ්න කිරීම්වල අරමුනු වේ.   නැගෙනහිර පළාතේ, යුද්ධයේදී  ඝාතනය  කරන ලද ඔවුන්ගේ ඥාතීන්  සැමරීම සහ ඡායාරූප පළ කිරීම යන චෝදනා මත මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෑතකදී අත්අඩංගුවට ගෙන සිරගත කර තිබේ. ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල සිය ඥාතීන් වෙනුවෙන් සිදුකළ  වැඳුම් පිදුම් කිරීම් හා නමස්කාරයන් වෙනුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සියළුම දෙමළ මානව හිමිකම් ක්‍රියාකාරීන් අඩපණ කිරීම, ඔවුන්ට වක්‍ර තර්ජන, බිය ගැන්වීම් සහ අර්බුද නිර්මාණය කිරීමට  මෙම පියවර ගෙන තිබේ. මේ ආණ්ඩුවේ අතීත හා වර්තමාන ක්‍රියාකාරකම් සහ මුලපිරීම් මේ සඳහා හොඳම උදාහරණ වේ. කොරෝනා වෛරසයේ බලපෑම රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර සමස්ත ජනතාවගේ ජීවිත අවුල් ජාලයක පවතින මොහොතක රජය කිසිදු වෙනසක් හෝ හෘද සාක්ෂියක් නොමැතිව අරාජිකත්වය සහ මර්දනය දිගටම කරගෙන යයි.

එබැවින්, රටේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට  එල්ල කර ඇති තර්ජනය සහ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සඳහා කිසිදු ආරක්ෂක සහතිකයක් නොමැතිකම සැලකිලිමත් විය යුතු කරුණකි. මාර්තු මාසයේ (මාර්තු) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 46/1 යෝජනාවේ පෙන්වා දී ඇති පරිදි, විශේෂයෙන්, මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලෙමින් හා වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමු.”

P2P Press Release 24.05.2021 (3)

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article