Tuesday, December 24, 2024

යුද සමයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේදී අතුරුදහන්වූ 158 දෙනෙකු සමරයි

Must read

1990 දී යුද්ධය හේතුවෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ රැකවරණය ලබමින් සිටියදී හමුදාව විසින් අත්අඩංගුවට ගත් 158 දෙනෙකු අතුරුදහන් වීමේ 30 වන සැමරුම අද (05)  සමරනු ලැබීය. මෙම සැමරුම මඩකලපුව දිස්ත්‍රික් අතුරුදහන් වූ පවුල්වල ඥාතීන් විසින් සංවිධානය විසින් සංවිධානය කරන ලදී. යුද ගැටුම් දියත් වූ 1990දී නැගෙනහිර පළාතේ දී එල්ටීටීඊය ශක්තිමත්ව පැවති අතර හමුදා මෙහෙයුම් ද ක්‍රියාත්මක විය. මෙම පසුබිම තුළ ගැටුම් හේතුවෙන් ජනයා නිවාස වලින් පලාගොස් පූජනීය ස්ථාන සහ පාසල් ඇතුළු පොදු ස්ථානවල රැකවරණය පැතූහ. මෙලෙස නැගෙනහිර විශ්ව විද්‍යාල කඳවුරේ රැකවරණය ලැබූ 158 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා හමුදාව විසින්  රැගෙන ගොස් ඇති අතර ඔවුන් අදවනතෙක්ම අතුරුදහන්ව සිටින බව ඥාතීන් පවසයි. මෙලෙස අතුරුදහන්වූ සිය  ඥාතීන් සැමරීම   මඩකලපුව දිස්ත්‍රික් අතුරුදහන් වූ පවුල්වල ඥාතීන් විසින් සංවිධානය කරන ලදී.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article