Friday, November 15, 2024

යුද්ධයේ අවසන් අදියරේ දී අතුරුදහන් කළ පුද්ගලයන්ට යුක්තිය පතා කළ සටනට දින 2000ක්

Must read

 

2009 වසරේ යුද්ධය අවසන් වනවිට  යුද හමුදාවට භාරදුන් පසු අතුරුදන්වූ දමිළ  පුරවැසියන්ගේ  ඥාතීන් 2009 වසරේ සිට ඔවුන්ව සොයාදෙන ලෙස අඛණ්ඩ විරෝධතාවල නිරත වුණා. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ අතුරුදහන්කළ සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසයි. ඒම අතුරුදහන්වීම් වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසයි. මෙම ඉල්ලීම් වලට කිසිදු රජයක් හෝ  පාර්ශ්වයක් තම විරෝධතාවලට නිසි විසඳුම් ලබාදී නොමැත. ඒවැනි  තත්ත්වයක් තුළ 2017 වසරේ සිට උතුරු-නැගෙනහිර දිස්ත්‍රික්ක අටේම අඛණ්ඩ විරෝධතා ආරම්භ අතුරුදහන්වූළුන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ විරෝධතාවයට මේ වනවිට දින  2000 ඉක්මවා ඇත.

2017 මාර්තු 08 වැනි දින මුලතිව් දිස්ත්‍රික්කයේ ආරම්භ කළ මෙම විරෝධතාවයට අද දින 2000 ඉක්මවන අතර , හෙට එනම් 2022 අගෝස්තු 30 වැනි දින ජාත්‍යන්තර අතුරුදන් වූවන්ගේ දිනය යෙදී ඇති බැවින් පුදුකුඩිරිපු  ප්‍රදේශයේ ජනතාව විශාල විරෝධතාවක් පැවැත්වීමට නියමිතය. ඒ් ඔවුන්ගේ ඥාතීන්ට සිදු වූ දේ ගැන සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයක් බලාපොරොත්තුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article