Thursday, January 23, 2025

යාපනයේ සිටින මියන්මාර් සරණාගතයන්ගේ හදිසි අවශ්‍යතා සැපයිමට වැඩපිළිවෙලක් !

Must read

උතුරු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා  ගේ අධීක්‍ෂණය යටතේ “මෙසිඩෝ”   සමාගම සහ එහි නියෝජිතයන් නියෝජිතයින් විසින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින මියන්මාර සරණාගතයින් වෙත රුපියල් ලක්ෂ 19ක් පමණ වටිනා  හදිසි භාණ්ඩ බෙදා දෙන ලදී.

මැලේසියාව කරා  බෝට්ටුවකින් යමින් සිටි මියන්මාර සරණාගතයින් 105 දෙනෙකු පමණ පසුගියදා  වෙට්ලයිකේනි මුහුදු තීරයේ නාවික භටයින් විසින් බේරා ගනු ලැබ තිබේ.මියන්මාර් වැසියන් ගමන් ගත් බෝට්ටුවේ සිදුව තිබුන කාර්මික දෝෂයක් හේතුවෙන් එය මුහුදේ පාවෙමින් තිබියදි  ශ්‍රි ලංකා  නාවික හමුදාව විසින් බේරා ගෙන ඇත.

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, බාම්, ඇඳුම්, සබන් ඇතුළු හදිසි අවශ්‍යතා එම සමාගම විසින් සපයා දී තිබීම විශේෂත්වයකි.


නිදර්ශන් විනෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article