Friday, September 20, 2024

මෙරට සිරවී සිටින ඉන්දියානුවන් 160ක් රැගෙන විශේෂ ගුවන්යානයක් හෙට ඉන්දියාවට

Must read

මේ වන විට ලොවපුරා ව්‍යාප්තව ඇති කොවිඩ්19 වෛරසය හේතුවෙන් ලොව විවිධ ප්‍රදේශවල සිරවී සිටින ඉන්දියානුවන් සියරට ගෙන්වා ගැනීමේ ‘වන්දේ භාරත්’ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින ඉන්දියානු ජාතිකයන් අතුරින් 160 දෙනකු හෙට (29 වැනිදා) දිනයේ විශේෂ ගුවන් යානයකින් මුම්බායි බලා රැගෙන යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්විල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙහි දෙවන අදියරය වශයෙන් 01 වැනිදා (සඳුදා) ඉන්දීය නාවික හමුදාවට අයත් ‘විලාෂ්වා’ නෞකාව මගින් කොළඹ තවත් ඉන්දියානුවන් 700 ක් ඉන්දියාවට රැගෙන යන බවද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article