Saturday, January 11, 2025

මෙරට සිදුකරන emission test හි කිසිදු ප්‍රමිතියක් නැහැ – ඩිලන්ත මාලගමුව

Must read

13265587913

වාහන ආදායම් බලපත්‍ර වසරක් පාසා අළුත් කරගැනීමේදී සිදුකරන දුම් විමෝචන පරීක්ෂනයේ කිසිදු ප්‍රමිතියක් නැති බව මෝටර්රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා චෝදනා කරනවා. ඔහු පවසන්නේ පරිසර දූෂණය අඩු කිරීමට විදුලි වාහන සදහා පනවා ඇති බදු අඩු කිරීමට රජයේ අවදානය යොමුවීම දුම් විමෝචන පරීක්ෂණයන්ට වඩා ප්‍රතිඵලදායක බවයි.

දුම් විමෝචන පරීක්ෂණය තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් එහි කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව එදිනෙදා මහමග ගමන් කිරීමේදී දැක ගැනීමට හැකි බවත් පවසන් ඔහු වැඩි දුරටත් පවසන්නේ රජයන් විසින් මෙම පරීක්ෂණය අනිවාර්යය කර ඇත්තේ රජයේ ආදායම වැඩිකරගැනීම සදහා පමණක් බවයි. 80%ක් පමණ වාහන මෙම පරීක්ෂණයෙන් අසමත් වන බවත් එසේ අසමත් වන වාහන ධාවනයට නුසුදුසු බැවින් මාර්ගයෙන් ඉවත් කල යුතු බවත් මේ වන තෙක් ඒ ආකාරයෙන් වාහනයක් හෝ ධාවනයෙන් ඉවත්කිරීමක් ගැන දැනගැනීමට නැති බවත් ඔහු පවසනවා. මෙවැනි ධාවනයට නුසුදුසු වාහන වලට නීතිය ක්‍රියාත්මක කිරීම සදහා රජය විසින් ජංගම පරීක්ෂණ සේවාවක් ක්‍රියාත්මක කල යුතු බව හා මාර්ග නීති කඩකිරීම වෙනුවෙන් ඇති දඩ ප්‍රමාණයන් තවත් වැඩි විය යුතු බවයි ඒ මහතාගේ අදහස වන්නේ.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article